කුමන තත්ත්වයක් මත හෝ ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒමට ඉඩ ලබානොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ දිනයේදී ද හමුවී පැහැදිලි කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්ණයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.