Friday, November 1, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 17 ක ආපදා - පීඩාවට පත් පිරිස 28,000 ඉක්මවයි




පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ගංඟා ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මහඔය ද්‍රෝණියේ  පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමනාකරණ අධ්‍යක්ෂ ඉංජින්රු එස් පී සී සුගීෂ්වර.

කළු සහ නිල්වලා ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර කැළණි ගඟ නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවලට තවදුරටත් සුලු ගංවතුර තත්ත්වයක් පවතිනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ප්‍රධාන ජලාශ 13 ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 20 ක් පමණ වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවා.

මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම්වල ජනතාවද අවදානයෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.