Wednesday, May 8, 2024

General line - 0115112241

කතරගම පුදබිම සැදැහැවතුන්ගෙන් පිරෙයි




ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවි වැඩසටහන් මාලාව නෙත් එෆ් එම් මැදිරි පරිශ්‍රරයේ සිට අද දවස පුරා ක්‍රියාත්මක වනවා. 

ඒ යටතේ අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේද ධර්ම දේශනා, බෝධිපූජා ඇතුලු පිංකම් රැසක් සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය පුරා දිවයිනේ බෞද්ධ සිද්ධස්ථාන සැදැහැවතුන්ට විවෘත වූයේ නැහැ. 

එහෙත් පෙර පොහොය දිනයන්ට සාපේක්ෂව අද දිනයේ බෞද්ධ සිද්ධස්ථානවලට සැදැහැවතුන් යම් ප්‍රමාණයක් පැමිණ ඇති ආකාරය දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මහනුවර ශ්‍රී දළඳා මාළිගාව සහ අවට වෙහෙර විහාරස්ථානවල පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

මේ අතර “සඳහිරු සෑය” සසුනට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරෙනවා. 

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් එම් පී ජී පෙරේරා සඳහන් කළේ. 

කතරගම පුදබිමට ද ඊයේ රාත්‍රියේ සිට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.