Sunday, April 28, 2024

General line - 0115112241

මුදල් ඇමති මැතිසබයේ නැතිවීම ගැන අදත් වාද විවාද




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුවේ උණුසුම් වාදවිවාද ඇති වුණා. ඒ, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධානයක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අදහස් පළ කිරීමත් සමගයි. 

මේ අතර අයවැය විවාදයට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ද අයවැය විවාදයට එක්වෙමින් අද අදහස් පළ කළා.