Sunday, April 28, 2024

General line - 0115112241

රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින්ගෙන් අනතුරු ඇඟවීමක් 




ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි බලපෑම මෙරට වෙළදපොළටද බලපෑම් කරණු ඇතැයි රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින් අනතුරු අගවනවා. 

ලෝක වෙළදපොලේ රත්‍රන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා. ඊට සාපේක්‍ෂව මෙරට වෙළදපොලේද රත්‍රන් මිලද තීරණය වන බවයි මෙරට රත්‍රන් කර්මාන්තයේ නියුතු ප්‍රධාන ආයතන පවසන්නේ. 

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ රත්‍රන් මිල දැක්වෙන්නේ කැරට් 22 පවුමක් සඳහා රුපියල් එක් ලක්‍ෂ 8,000ක් ලෙසයි. කැරට් 24ක පවුමක මිල රුපියල් එක් ලක්‍ෂ 18,000ක් ලෙස අද වනවිට සටහන් වනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් අවුන්සයක මිල අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි. එය ඉකුත් මාසයට සාපේක්‍ෂව සැසදීමේදී සියයට 4 යි දශම 1 යි 8  ක වර්ධනයක්. විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.
ඉහළයමින් පවතින උද්දමනය හේතුවෙන් රත්‍රන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබීම මෙම තත්ත්වයට හේතුවයි.