Sunday, April 28, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන සතියේ ජනතා අයිතියට




මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වනදා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම මාර්ගය විවෘත කිරීමට නියමිත බවයි මහා මාර්ග අමාත්‍යාංශය පැවසුවේ. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4 ක් යටතේ සිදු කෙරෙනවා. මීරිගම සිට කුරුණෑගල කොටස එහි දෙවන අදියරයි. එම මාර්ග කොටසේ සම්පූර්ණ දුර කිලෝමීටර් 40 යි දශම 9 ක් වනවා.