Saturday, April 27, 2024

General line - 0115112241

අයවැයෙන් ගෙන ආ නව යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන අද සිට සාකච්ඡා




අයවැය මගින් ඉදිරිපත් කළ නව යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ඇතුළු අනෙකුත් කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග මුදල් අමාත්‍යවරයා අද සිට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

මෙවර අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය අංශයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ඒ යටතේ සාකච්ඡාවට ගැණෙන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී කියාසිටියා.