Saturday, April 27, 2024

General line - 0115112241

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක




සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක මතුවන බව ඛණිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙනවා. 

ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අරමුණත් එම තීරණය පිටුපස ඇත්දැයි සැක මතුවන බවයි.

තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමුවේ විධිමත් තීරණයක් අනුවදැයි විෂයභාර අමාත්‍යවරයා රටට හෙළි කළ යුතු බවද ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පෙට්‍රල්, ඩීසල් ලබා ගැනීමේදී පාඩු සිදුවන බවට සිදුකෙරෙන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පෙන්වා දුන්නේ.