Sunday, April 28, 2024

General line - 0115112241

2022 අයවැය 3 වන කියවීම අද සිට




2022 අයවැය 3 වන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ. 

2022 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ සම්මත වුණා. අයවැයට පක්‍ෂව ඡන්ද 153 ක් හිමි වූ අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි. 

මේ අතර අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බිදියුදීන් නායකත්වය දරණ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටයි තීරණය කර ඇත්තේ.