Friday, May 10, 2024

General line - 0115112241

 “කළ්‍යාණී රන් පිවිසුම” ජනතා අයිතියට




මෙරට ප්‍රථම අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාළම හෙවත් “කළ්‍යාණී රන් පිවිසුම” අද පස්වරුවේ ජනතා අයිතියට පත් වුණා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධානත්වයෙන්.  

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාළමේ මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා. 

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 06 කින් සමන්විත මෙම පාළම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හන්දිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 04 ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.