Monday, April 29, 2024

General line - 0115112241

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 151යි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.  

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුළු 04 ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 204 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 253 ක්.

ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලකුණු 102 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.