Thursday, May 2, 2024

General line - 0115112241

වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි 




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. 

තරගයේ සිව්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව  328 ක්. 

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ගොඩනැගූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 08 වන ශතකය වාර්තා කරමින් නොදැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 153 ක්. ලසිත් ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25 යි. 

ඔවුන් දෙදෙනා 09 වන කඩුල්ල සඳහා ගොඩනගා ඇති ලකුණු සබඳතාව 107 ක්. එය ගාල්ල ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරගයක 09 වන කඩුල්ල සඳහා වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව ද වනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 204 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253 ක් රැස්කළා. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 279 ක්. හෙට තරගයේ අවසන් දිනයයි.