Thursday, May 2, 2024

General line - 0115112241

ලංකාවේ LPL වලටත් ඔමික්‍රොන් නිසා බලපෑම්




දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර එල් පී එල් තරඟාවලියට එක් නොවන බව තරඟ සංවිධායකින් වෙත දැනුම් දී තිබෙනවා. ඒ, ඔමික්‍රෝන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක සංචාරකයින්ට මෙරටට ඇතුලූවීම තහනම් කිරීමත් සමගයි. 

කෙසේ වෙතත් අබුඩාබි ටී ටෙන් තරඟාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පමණක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්වන බවයි  තරඟාවලි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සඳහන් කළේ. 

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ට නැරඹීමටද අවස්ථාව සලසා දී ඇති අතර ඒ අනුව ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50 කට තරඟ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති. තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් පූර්ණ එන්නත්කරණයට ලක් විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍ර්‍රිිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ.

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය යටතේ මෙවර එල් පී එල් තරඟාවලියද පැවැත්වීමට සියලූ කටයුතු යොදා තිබෙනවා. එල් පී එල් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර දෙසැම්බර් 5 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.