ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියා.
ඒ අනුව අද දිනයේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.
පන්දුවේ දඟකැවීම අඩු බැවින් තවත් ලකුණු 20ක් හෝ 30ක් අද උදෑසන ලබාගෙන ඉනිම අත්හිටුවනවාද නැත්තම් උදෑසනින්ම පන්දුවට පහර දීමට කොදෙව්වන්ට අවස්ථාව දෙනව ද යන්න පිළිබඳ එහිදී තීරණය කරන බව ඔහු කියා සිටියා.