Saturday, May 4, 2024

General line - 0115112241

කෝලි වෙනුවට ශර්මා එයි




ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පත්කර තිබෙනවා. ඒ, මෙතෙක් ඉන්දීය එක්දින  ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ විරාත් කෝලි වෙනුවටයි. 

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම රෝහිත් ශර්මාට පැවරෙන පළමු වගකීම වනු ඇති. ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේද රෝහිත් ශර්මායි.