Saturday, September 21, 2024

General line - 0115112241

එංගලන්තය පරදා ශ්‍රී ලංකා යොවුන් පිල එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනියි




එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද සමත් වුණා. 

දෙරට අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ  පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 48 කින් ජය ගත්තේ එංගලන්ත යොවුන් කණ්ඩායමයි. මෙම තරගාවලිය කල්වේලා ඇතිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජය ගැනීම හේතුවෙන් අද තරගය සදහා පෙර තරගවල ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එක්ව සිටියා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 35 යි එක් පන්දුවක් අවසානයේ සියළු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.            

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි. මහේල ජයවර්ධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල සමග එක්ව සිටිනවා. 

ශ්‍රී ලංකා යොවුන් පිල අඛණ්ඩව ලැබූ දෙවන එක්දින තරගාවලි ජයග්‍රහණය මෙය වන අතර ඔවුන් මීට පෙර යොවුන් ලෝක ශූරයින් වූ බංග්ලාදේශය පහට බින්දුවක් ලෙස පරාජයට පත් කළා.