Monday, April 29, 2024

General line - 0115112241

කළම්බු ස්ටාර්ස් පිලට විශිෂ්ඨ ජයක්




ලන්කා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟය ලකුණ 41 කින් ජය ගැනීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වුණා. ඊයේ තරඟය පන්දුවාර 18 කට සීමාවූ අතර පළමුවෙන් පනිදුවට පහර දුන් කළම්බු ස්ටාර්ස් කණ්ඩායම කඬුලු 07 ක් දාවී ලකුණු 162 ක් රැස් කළා. 

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 57 කදී ලකුණු 73 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් ඇතුලත් වුණා. ලකුණු 36 ක් ලබා සිටියදී දිනේෂ් චන්දිමාල් දැවී ගියා. ධනංජය ලක්ෂාන් සහ සමිත් පටෙල් කඬුලු 02 බැගින් දවාගත්තා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 64 ක් රැස් කළා. මොහොමඩ් හෆීස් ලකුණු 16 ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක රැස් කළේ ලකුණු 14 ක් පමණයි. පන්දු යැවීමේදී කලම්බු ස්ටාර් කණ්ඩායමේ නවීන් උල්හක් කඬුලු 03 ක් දවාගත්තා.