Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක්




උස්බිකිස්තානයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් ඊයේ දිනා ගත්තා.

එම පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ කිලෝ ග්‍රෑම් 81 බර පන්තියෙන් තරග වැදුනු චින්තන විදානගේයි.

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 134 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 166 ක් ඔසවමින් ශ්‍රී ලංකාවට මෙම ලෝකඩ පදක්කම දිනා දුන්නා.

මෙම තරගයේදී චින්තන විදානගේ එසවූ සමස්ථ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 300 ක්.

ශ්‍රී ලංකාව මේවනවිට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා සිටිනවා.