Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්




ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.4 ක්.

ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ කිලෝමීටර් 18.5 ක් ගැඹුරෙන් භූකම්පනය හටගෙන තිබෙනවා.

මේ සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙකේ වාර්තාවී නැහැ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවටයි.

2004 වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් ඇතිවූ සුනාමියෙන් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ඇතුලු කළාපයේ රටවල් රැසක පුද්ගලයින් දෙලක්ෂ 27,898 දෙනෙකුට දිවි අහිමි වුණා.