Monday, April 29, 2024

General line - 0115112241

ජැෆ්නා කින්ග්ස් අවසන් වටයට




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ, මෙතෙක් සහභාගී වූ තරඟ 06 න් 05 ක්ම ජයගෙන ඉහළ දළ ලකුණු වේගයක් ද සමඟ ප්‍රසාද ලකුණු 10 ක් ලබා ගනිමින්.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ජය ගත්තේ කඬුලු 07 කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 69 ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරුත වූ චතුරංග ද සිල්වා ලකුණු 16 කට කඬුලු 04 ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 21 කට කඬුලු 03 ක් දවාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ජැෆ්නා කන්ඩායම 10 වන පන්දුවාරයේදී තරඟයේ ජය වාර්තා කළේ කඬුලු 03 ක් පමණක් බිදවැටී තිබියදීයි.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟ දෙකක් අද පැවැත්වෙනවා. ඒ, කොළඹ සහ මහනුවර කණ්ඩායම් හා දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතරයි.