Monday, April 29, 2024

General line - 0115112241

LPL අවසන් වටයේ තරඟ උණුසුම හෙට සිට




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ තරඟ හෙට සිට ආරම්භ වනවා. එම වටයේ සියලු තරඟ පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. 

අවසන් වටයේ තරඟ දෙකක් හෙට පැවැත්මට නියමිතව තිබෙනවා. පළමු තරඟය පස්වරු 04 ට ආරම්භ වන්නේ කළම්ඹු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතරයි. දෙවැනි තරඟය ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා. එම තරඟය ආරම්භ වන්නේ හෙට රාත්‍රී 08 යි 30 ටයි.