Monday, April 29, 2024

General line - 0115112241

LPL අවසන් වටයේ තරඟ උණුසුම අද සිට




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ තරඟ අද සිට ආරම්භ වනවා. එම වටයේ සියලු තරඟ පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදීයි. 

අවසන් වටයේ තරඟ දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරඟය පස්වරු 04 ට ආරම්භ වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැන හිමිකරගත් කළම්බෝ ස්ටාර්ස් සහ එහි සිව්වන ස්ථානය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතරයි. 

දෙවැනි තරඟය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගත් ජැෆ්නා කින්ග්ස් සහ එහි දෙවන ස්ථානය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා. එම තරඟය ආරම්භ වන්නේ අද රාත්‍රී 08 යි 30 ටයි. 

මෙම තරඟය ජයගන්නා කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඍජුව සුදුසුකම් ලබනු ඇති. එම තරඟයෙන් පරාජය වන කණ්ඩායම අද පැවැත්වෙන අවසන් වටයේ පළමු තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ තරඟවදින අතර එම තරඟය ජයගන්නා කණ්ඩායම ද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් මස 23 වනදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.