Thursday, May 2, 2024

General line - 0115112241

LPL අවසන් වටයේ අවසන් තරගය අදයි




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජෑන්ට්ස් කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. 

තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම වන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. ඔවුන් අවසන් වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පරාජයට පත් වුණා. ඒ අනුවයි ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සදහා තවත් තරගයට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයට පත් වු දඹුල්ල ජෑන්ට්ස් කණ්ඩායම අවසන් වටයේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග සහභාගි වූ තරගයෙන් ජය ගත්තා. 

මෙවර තරගාවලියේ මීට පෙර අවස්ථා දෙකකදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජෑන්ට්ස් කණ්ඩායම එකිනෙක මුණගැසී තිබෙනවා. එම අවස්ථා දෙකේදීම ජය වාර්තා කළේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.