Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් දෙදෙනෙකුගෙන් නව ආසියානු වාර්තාවක්




වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් වුණා. 

ඒ, නේපාල යොවුන් කණ්ඩායම ලකුණු 60 කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 04 ක් දැවී ලකුණු 322 ක් රැස් කළා. 

චමිඳු වික්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් මෙහිදී ශතක වාර්තා කිරීම විශේෂත්වයක්. චමීර වික්‍රමසිංහ ලකුණු 111 ක් සහ සදීෂ රාජපක්ෂ ලකුණු 131 ක් රැස් කිරීමට සමත්වුණා. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු සබඳතාව 223 ක්. 

එය වාර්තා පොත් අතරට එක්වූයේ ආසියානු කුසලාන තරගාවලියක පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

ලකුණු 323 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නේපාල යොවුන් කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 5 ක් අවසානයේ ලබාගත හැකි වූයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 262 ක් පමණයි. පන්දු යැවීමේදී මතීෂ පතිරණ සහ රවීන් ද සිල්වා කඩුළු 03 බැගින් දවා ගැනීමට සමත්වුණා. තරගය පැවැත්වුණේ සාජා ක්‍රීඩාංගනයේදීයි.