Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන් ආසියානු කුසලානයට තවත් ලං වෙයි




වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, බී කාණ්ඩයේ තමන් මේ දක්වා සහභාගී වූ තරග 02 ම ජය ගනිමින්. ඊයේ පැවැති තරගයේදී නේපාල යොවුන් කණ්ඩායම ලකුණු 60 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වුණා. 

පළමු තරගයේදී කුවේට් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 274 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා. මූලික වටයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගී වන අවසන් තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි. 

මෙවර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා.