Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල අද බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අදයි




වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූළික වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා පිළ මෙතෙක් සහභාගී වූ මූලික වටයේ තරග දෙකම ජය ගත්තා. 

ඒ අනුව මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විටත් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්. බංග්ලාදේශය, පකිස්ථානය සහ ඉන්දියාවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.