Saturday, April 27, 2024

General line - 0115112241

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 

2010 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී කඩුලු 28ක් සහ ලකුණු 636 ක් රැස්කල ක්‍රීඩකයෙක්. 20 යි 20 ජාත්‍යන්තර තරග 22 කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩින් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කරගෙන තිබෙනවා. 

අවසන් වරට ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයී.

මේ අතර, අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී තුන්වන ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිම අද අළුයම ලකුණු 68කට සීමා වුණා. 

ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවෙයි. 

එහිදී ඕස්ට්‍රේලියාවේ ස්කොට් බොලන් පන්දුවාර 04ක් තුළ ලකුණු 07කට කඩුලු 06ක් බිඳ හෙලුවා. 

ඒ අනුව මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාවට ඉනිමට සහ ලකුණු 14ක ජයක් හිමිවුණා. සම්පූර්ණ තරගයම පන්දු 1,084කින් නිම වී ඇති අතර වසර 70කට පසු ඕස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගයක් නිමාවු අඩුම පන්දු සංඛ්‍යාව මෙයයි.