Saturday, April 27, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට සැරසෙයි




සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහභාගිවීම සඳහායි. 

ඒ අනුව සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 10 වනදා මෙරටට පැමිණීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන තරග 3ම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.