Wednesday, May 8, 2024

General line - 0115112241

ජනවාරි 05 සිට බස් ගාස්තු සියයට 17 කින් ඉහළට - අවම ගාස්තුව රුපියල් 17 ක් වෙයි




ලබන ජනවාරි මස 05 වනදා සිට බස් ගාස්තු සියයට 17 කින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදීයි. 

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා රුපියල් 03 කින් ඉහළ යන බවයි එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

එක් එක් මාර්ගවලට අදාළ නව ගාස්තු ලැයිස්තුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සකස් කර ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එහිදී කියා සිටියා.