Sunday, May 5, 2024

General line - 0115112241

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමිගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි




අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වූවා. කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ උන් වහන්සේගේ දේහය  තැන්පත් කර තිබෙනවා. 

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අපවත් වනවිට 78 වන වියේ පසුවුණා. උන්වහන්සේ ගිහි ජීවිතයේදී යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු මෙන්ම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළා.