Sunday, May 5, 2024

General line - 0115112241

කිරි තේ අළෙවිය නතර වෙයි 




කිරිපිටි මිල ඉහළ දැමුවද කිරි තේ මිල තවදුරටත් වැඩි කළ නොහැකි බැවින් කිරි තේ අළෙවියෙන් ඉවත් වන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ පසුගිය කාලසීමාව තුළ කිරිතේ එකක මිල දෙගුණයකින් පමණ ඉහළ දැමීමට සිදුවූ බැවින් කිරිතේ අළෙවිය ද පහත වැටුණු බවයි.

කොවිඩ් මාර්ගෝපදේශද බලපාන බැවින් කිරිතේ එකක් දැන් අළෙවි කළ හැක්කේ රුපියල් 70 ත් 80 ත් අතර මිලකට බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.