Wednesday, May 1, 2024

General line - 0115112241

ආසියානු කුසලාන අවසන් මහ තරගය ඇරඹේ : ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙයි




වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතර අවසන් මහා තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ, ඩුබායිහිදීයි. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 11 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 16 ක් රැස්කරගෙන සිටියා.