Wednesday, May 1, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා යොවුන් අවසන් ගැටුමට වර්ෂාවෙන් බාධා




ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ ඩුබායි ක්‍රීඩාංගණයේදීයි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 33 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 74 ක් ලබාසිටියා. 

සදීෂ රාජපක්‍ෂ ලකුණු 14 කට දැවී ගිය අතර රවීන් ද සිල්වා නොදැවී ලකුණු 13 ක් ලබා සිටිනවා.