Thursday, May 9, 2024

General line - 0115112241

මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ




රුහුණු කතරගම මහ දේවාලයේ මැණික් ගගේ නව පිවිසුමේ ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

එම ප්‍රාකාරය සඳහා මුල්ගල් තැබීම ජනාධිපතිවරයා, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් අද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මේ අතර පරිසර අමාත්‍යංශය විසින් සුරකිමු ගංඟා ව්‍යාපෘතිය යටතේ ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මඟින් ක්‍රියාකරන රථයක්ද රුහුණු කතරගම මහා දේවාලය වෙත අද පරිත්‍යාග කෙරුණා. ඒ මැණික් ග`ගේ බැහැර වන කැළි කසල සහ ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදා ගැනීමටයි.