Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිගු ගමනක් 




මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිගු ගමනකට මුලපුරනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පවසනවා. 

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 14 වනදා බටහිර ඉන්දිය කොදෙව් දුපත් හිදි ආරම්භ විමට නියමිතව තිබෙනවා. 

ඒ සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සූදානම පිළිබද අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මේ බව සදහන් කළා.

මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 16 ක් තරග වදිනවා. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින්නේ ඩී කාණ්ඩයෙන්. ඊට ඔස්ට්‍රේලියාව , ස්කොට්ලන්තය සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම්ද ඇතුළත්. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වන පළමු තරගය ජනවාරි 14 වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා. 

මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනවා. 

ඔහු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග එක්වීම සදහා මේ මස 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිතයි.