Thursday, May 16, 2024

General line - 0115112241

නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට 




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ජනිත් ලියනගේ ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන නුවන් තුෂාර ද එම සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. 

කමිල් මිෂාර, චාමික ගුණසේකර සහ කලණ පෙරේරා ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ජෙෆ්රි වැන්ඩසේ සහ කුසල් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග නම් කර නම් කර නැහැ.

ඒ, ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්වීම හේතුවෙන්. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජනවාරි 16 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.