Thursday, May 16, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට




සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහායි. 

තරග තුනකින් සමන්විත එම තරගාවලිය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

දිවා රාත්‍රී තරග ලෙස දෙරට අතර එම තරග තුනම පැවැත්වෙනවා. ඒ, ලබන 16, 18 සහ 21 යන දිනවලදීයි. 

මේ අතර සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේදී නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු  ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇතැයිද වාර්තා වනවා. 

ජනිත් ලියනගේ, නුවන් තුෂාර, කමිල් මිෂාර, චාමික ගුණසේකර සහ කලණ පෙරේරා ද ඒ අතරට අයත්. 

ජෙෆ්රි වැන්ඩසේ සහ කුසල් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇතැයිද වාර්තා වනවා. 

කෙසේවෙතත් එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග නම් කර නම් කර නැහැ. ඒ, ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්වීම හේතුවෙන්.