Thursday, May 16, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව කළ අභියෝගයෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ජයගනී




ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච්ට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට එරට ෆෙඩරල් අධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, ඔහුගේ වීසා අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ගත් තීරණය යුක්ති සහගත නොවන බවට ෆෙඩරල් අධිකරණය නියෝග කිරීමත් සමඟයි.

ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා ඉකුත්දා මෙලෙස ඕස්ට්‍රේලියාවට පැමිණියා. එහෙත් ඔහුට රටට ඇතුලුවීමට අවසර ලබාදීම ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතික්ෂේප කළේ ජොකොවිච් කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගැනීම ඇතුලු නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. 

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු විදේශිකයින් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර තිබිය යුතු බවටයි එරට බලධාරීන් පවසා තිබුණේ.

 වරක් කොවිඩ් ආසාදනය වී ඇති ජොකොවිච්, කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක්. ඒ අනුවයි ඔහුට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර හිමි නොවුණේ. 

එම තීරණයට එරෙහිව නීතියේ පිහිට පැතීමට පසුව ජොකොවිච් තීරණය කළා. ඔහු මෙල්බර්න්හි සංක්‍රමණයිකයින් රඳවා තබන ස්ථානයක රඳවා සිටි අතර ඔහුට ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා නිළ වශයෙන් අවසර හිමිවී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.