Friday, May 17, 2024

General line - 0115112241

ටෙනිස් ශුරයාගේ ඉරණම ඕස්ට්‍රේලියානු ආගමන විගමන ඇමතිගේ අතෙයි




ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තවදුරටත් ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු භාර අමාත්‍යවරයාට බලතල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ජොකොවිච්ට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට එරට ෆෙඩරල් අධිකරණය ඊයේ අවසර ලබාදී ඇති පසුබිමකයි. 

ඔහුගේ වීසා අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ගත් තීරණය යුක්ති සහගත නොවන බව ෆෙඩරල් අධිකරණය නියෝග කළා. කෙසේවෙතත් එන්නත් ලබා නොගත් සියලු ක්‍රීඩකයින් පිටුවහල් කිරීමේ බලතල ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු භාර අමාත්‍යවරයාට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච් රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඔහු පිටවගොස් ඇති බවටද මේ වන විට වාර්තා පළ වනවා. සර්බියාවේ නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා ඉකුත්දා මෙලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ අතර ඔහුට රටට ඇතුලුවීමට අවසර ලබාදීම ඔස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතික්ෂේප කළේ ජොකොවිච් කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගැනීම ඇතුලු නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.