Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු දුවද්දී දැවී යයි




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියා. ඒ, තියුණු තරඟයකින් ඊයේ රාත්‍රියේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී ලකුණු 04 කින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 134 ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ විනුජ රන්පුල් පන්දුවාර 09 යි එක් පන්දුවකදී ලකුණු 10 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි. 

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 07 ක් ලකුණු 43 කට බිඳවැටී තිබූ අවස්ථාවේ පිටියේ එක්වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණයේ සීමාවට රැගෙන ගියා. ශ්‍රී ලංකා පිලට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් ලකුණු 05 ලබා ගැනීමට පන්දු 28 ක් ඉතිරිව තිබුණද අවසන් මොහොතේ අනවශ්‍ය ලෙස දුවද්දී දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකා පිළ අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී ගියා. ශ්‍රී ලංකා ඉනිම පුරා වාර්තාවූ දුවද්දී දැවීයාම් සංඛ්‍යාව 04 ක්.