Monday, April 29, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ ඇස වාස් දෙසට යොමු වෙයි




ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අවසන් නිර්දේශ දෙක අතරට තේරී පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ ඔස්ටේ්‍රලියාවේ ෂෝන් ටේට්. ඒ අතරින් බොහෝදුරට චමින්ද වාස් තෝරාගනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේද ශ්‍රී ලංකාවේ රංගන හේරත්. චමින්ද වාස් මේ වන විට පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙවත් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්ව සිටිනවා.

මේ අතර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලකා ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත ඒෂියන් ලයනස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සුදුසුකම් ලැබවා. ඒ, ඉන්දියා මහරාජ් කණ්ඩායම වර්ලඩ් ජෑන්ට්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමඟයි. ඒ අනුව වර්ල්ඩ් ජෑන්ට්ස් කණ්ඩායම සහ ඒෂියන් ලයනස් කණ්ඩායම අතර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට පැවැත්වෙනවා.