Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයාත් IPL වෙන්දේසියට




මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් IPL  ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේගේ නම තෝරාගෙන තිබෙනවා. 

ඒ, මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව යටතේයි. දුනිත් වෙල්ලාලගේ සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර තිබෙනවා. 

මීට අමතරව මෙතෙක් එක්දින වරම් දිනා නොගත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ නම ද IPL  ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගැණුනා.

මේ වන විට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ශතා පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. 

ඒ, ඔහු පිතිකරුවෙකු ලෙස ලකුණු 200 ක් සහ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 15 සීමාව පසු කිරීමත් සමඟයි. 

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඉන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 590 ක් පමණයි. 

ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් ඇතුලත්. ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිතයි.