Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රබල ක්‍රීඩකයෙකු නොමැතිව ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව බලා පියව යයි




තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත එම ක්‍රිකට් තරගාවලියට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර උප නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා. නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලු රකින කමිල් මිශාර ද මෙම සංචාරය සඳහා ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට එක් කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙකුට ස්ථාන අහිමිවීමද විශේෂත්වයක්. 

කෙසේවෙතත් සංචිතයට නම් කර සිටි චාමික කරුණාරත්න අද ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ නැහැ. ඒ, ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන්.

මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග එරටදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා.