Monday, April 29, 2024

General line - 0115112241

සමුදුන් ලක්මාල් එංගලන්තයට




එළඹෙන ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. 

ඔහු එළඹෙන ප්‍රාන්ත තරඟාවලිය සඳහා මෙලෙස ගිවිසුම් අත්සන් කර ඇත්තේ “ඩර්බිෂයර්” ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟයි. එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කටයුතු කරනවා.