Monday, May 6, 2024

General line - 0115112241

යොවුන් ක්‍රිකට් කිරුළ වෙනුවෙන් ඉන්දියාව සහ එංගලන්තය අද සටනට




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතරයි. 

ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. එංගලන්තය ඊට සුදුසුකම් ලැබුවේ ඇෆ්ගනිස්තානය පරාජය කරමින්. 

ඉන්දියාව යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට ක්‍රීඩා කරන 08 වන අවස්ථාව මෙයයි. ඉන් අවස්ථා 04 කදී යොවුන් ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත්වුණා. එංගලන්තය යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට ක්‍රීඩා කරන දෙවන අවස්ථාව මෙයයි. 

එංගලන්තය 1998 වසරේදී යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 16 ක් තරග වැදුනු අතර ශ්‍රී ලංකාවට එහිදී හිමිවුණේ 06 වන ස්ථානයයි.