Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසු කරයි 




ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් අද පසුකරනවා. ඔවුන් සහභාගි වන දහස් වන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද පැවැත්වීමට නියමිතයි. ඒ, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි. 

ඒ අනුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග දහසක් ක්‍රීඩා කළ ලොව පළමු කණ්ඩායම ලෙස ඉන්දීය කණ්ඩායම අද වාර්තා පොත් අතරට එක්වනු ඇති. 

ඔස්ටේ්‍රලියාව මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 958 ක් ක්‍රීඩා කර ඇති අතර පාකිස්තානය ජාත්‍යන්තර එක්දින තරග 936 ක් ක්‍රීඩා කර තිබෙනවා. 
ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර එක්දින තරග සංඛ්‍යාව 870 ක්. 

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ඓතිහාසික තරගය මෙරට වේලාවෙන් පස්වරු 01 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.