Sunday, May 5, 2024

General line - 0115112241

පකිස්තානයේ තරැණ තරැණියන්ගෙන් සියයට 31 ක‍ට රැකියා නැහැ




පාකිස්තානයේ තරුණ තරුණියන් අතරින් සියයට 31 ක් විරැකියාවෙන් පෙළෙන බව පකිස්තාන සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනය පවසනවා. ඒ අතරින් සියයට 51 ක් කාන්තාවන් වන අතර සියයට 16 ක් පිරිමින් වන බවයි එම ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර ඇත්තේ. 

මේ අතරින් විශාල පිරිසක් උපාධිධාරීන් බව ද අදාළ වාර්තාවේ සදහන්.

ග්‍රාමීය  ප්‍රදේශවලට සාපේක්ෂව , නාගරික ප්‍රදේශවල රැකියා විරහිතභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද පකිස්තාන සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනය ‍අනාවරණය කර තිබෙනවා. 

විශේ‍ෂයෙන් එරට කාන්තා ශ්‍රම බලකායේ දායකත්වය කැපී පෙනෙන ලෙස පහළ යමින් ඇති බවත් එය බරපතල ගැටලුවක් බවට පත්වෙමින් ඇති බවත් සදහන්.

පකිස්තානයේ ජනසංඛ්‍යාවෙන් සියයට 60 ක් ම වයස අවුරැදු 30 ට අඩු අය වීම හේතුවෙන් මෙම තත්වය එරට ආර්ථික හා සමාජ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥ මතය වී තිබෙනවා.