Friday, May 17, 2024

General line - 0115112241

බැඩ්මින්ටන් ශුරිය දිවිගමනට සමුදෙයි




ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු ඊයේ (08) සිය ජීවන ගමනින් සමුගත්තා.

අභාවප්‍රාප්ත වන විට 27 වැනි වියෙහි පසු වූ ඕෂධී කුරුප්පු හට 2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී තිබූ බවට හඳුනාගත් අතර වසර දෙකක් එයට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුව ඇය ඊයේ මෙලෙස දිවිගමනට සමුදුන්නා.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඕෂධී, කුඩා කළ සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අතර එම නිසාවෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියට පිවිසීමට ඇයට හැකි වුනා.