Thursday, May 16, 2024

General line - 0115112241

දෙවන 20 /20 ගැටුම අභියස තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට කොරෝනා




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 01යි 40 ටයි. තරග 05 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1 ට 0 ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

 ඔවුන් සිඩ්නිහි පැවති  පළමු තරගය ලකුණු 20 කින් ජය ගැනීමට සමත් වුණා. 

මේ අතර ඕස්ට්‍රේලියානු තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 

ඒ, ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීයි. ඔහු මේවනවිට ඡක්‍ඍ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිපලය මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති පළමු 20 යි 20 තරගයේදී බිනුර ප්‍රනාන්දු විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 12 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

මීට පෙර කුසල් මෙන්ඩිස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර මේ හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව  සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 තරග 02 අහිමි වී තිබෙනවා.