Wednesday, May 15, 2024

General line - 0115112241

තීරණාත්මක විස්සයි 20 තරඟය අදයි




ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තීරණාත්මක 03 න් වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. තරඟාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිළ අද තරඟය ජය ගැනීම අනිවාර්යයි. ඒ, පළමු තරඟ දෙක ඕස්ට්‍රේලියාව ජය ගැනීම හේතුවෙන්. 

ඒ අනුව අද තරඟය ඕස්ට්‍රේලියාව ජයගතහොත් තරඟාවලියේ ජය ඔවුන් සතුවනවා. ශ්‍රී ලංකා පිළ 2017 වසරේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවේදී සහභාගී වූ ජාත්‍යන්තර තරඟ 08 ක් පරාජයට පත්ව තිබෙනවා. ඒ අතරට පන්දුවාර 20 තරඟ 06 ක් ඇතුලත්.

අද පැවැත්වෙන තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කමක් සිදුවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පිළට ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් ද ඕස්ට්‍රේලියානු පිළට ස්ටිව් ස්මිත් වෙනුවට මොයිස් හෙන්ඩි්‍රකස් ද කැඳවනු ඇති. 

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තීරණාත්මක 03 න් වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ඕවල් ක්‍රීඩාංගනයේදීයි. එම ක්‍රීඩාංගනයේ මේ දක්වා ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 තරඟ පවත්වා ඇත්තේ දෙකක් පමණයි.